32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටා මුදාගන්න හැදූ ස්නයිපර් සෙබළෙක් අත්අඩංගුවට

හරක් කටා මුදාගන්න හැදූ ස්නයිපර් සෙබළෙක් අත්අඩංගුවට

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ඉන් මුදාගැනීම සදහා සැළසුම් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර ගොඩගම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී තිබේ.