27.2 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News13 හැවිරිදි පිරිමි ළමයෙකුට හදි කළ අයෙකු අත්අඩංගුවට

13 හැවිරිදි පිරිමි ළමයෙකුට හදි කළ අයෙකු අත්අඩංගුවට

පස්‌සර ප්‍රදේශයේ 13 හැවිරිදි පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකු බවයි.

පසුගිය 17 වැනිදා මෙම සැකකරු විසින් එම දරුවා තම වාහන අලුත්වැඩියා කරන ස්ථානයට රැගෙන ගොස් බලහත්කාරයෙන් මත්පැන් පානය කරන්නට දී, ලිංගික අපයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ දරුවා මේ වනවිට බදුල්ල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.