― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot News2024 ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් - ජනපති

2024 ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් – ජනපති

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය යන දෙකම ලබන 2024 වසරේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කිසිදු මැතිවරණයක් කල් දැමීමට කටයුතු නොකරන බවයි අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

අනතුරුව 2025 වසරේදී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි බව ද රනිල් වික්‍රමසිංහ සඳහන් කළා. රජය කිසිදු මැතිවරණයක් කල් දැමීමට කටයුතු නොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

අයවැය දෙවන වර කියවීම සම්මත කර ගැනීමට සහාය දුන් මැති ඇමතිවරුන්ට ස්තූතිය පළකරන අතර රජය ඉදිරියට ගෙන යාමට එම ශක්තිය අවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ ඇත්තේ අද පැවැත්වෙන අයවැය විවාදයට එක්වීම සඳහායි. අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ වූ අතර එය ලබන දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වෙනු ඇති. ඒ අනුව අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම 13 වනදා පස්වරු 6ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අයවැය දෙවනර වර කියවීමේ ඊයේ පස්වරුවේ වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේ දී සිදු කෙරෙනවා. අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, දුෂණ විමර්ශන කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ඇතුලු ආයතන සම්බන්ධයෙන් වැය ශීර්ෂයන් ද අද විවාදයට ගැනීමට නියමිතයි.