― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News71 හැවිරිදි අකිලා ලක් මව රනින් බබලයි

71 හැවිරිදි අකිලා ලක් මව රනින් බබලයි

පිලිපීනයේදී පැවති මාස්ටර් මළල ක්‍රීඩා උලෙළේදී මෙරටට රන් පදක්කම් දෙකක් දිනා දීමට විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් සමත් ව තිබෙනවා.

71 හැවිරිදි මෙම විශිෂ්ඨ ක්‍රීඩිකාව සිය තරග ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ලක් මාතාවට දිනා දීමටයි සමත්ව ඇත්තේ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු අකිලා තිරුනායකී නමැති ඇය මීටර් 1500 සහ 5000 ඉසව්වලිනුයි මෙම රන් පදක්කම් දිනා ගත්තේ.

ඇයට මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද හිමිවුණා. එමෙන්ම මීටර් 400 ඉසව්වෙන් සිව්වැනි ස්ථානය ද ඇයට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

අකිලා නමැති මෙම මැදි වයස ඉක්ම වූ ක්‍රීඩිකාව මුලතිව් – මුල්ලියාවලෛ හි පදිංචිකාරිනියක්.