26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය නානුඔයට සීමා වෙයි

උඩරට මාර්ගයේ දුම්රිය නානුඔයට සීමා වෙයි

උඩරට දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනය නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබෙනවා.

පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ පට්ටිපොල, අඹේවල, ඔහිය සහ බණ්ඩාරවෙල ඇතුළු ස්ථාන කිහිපයක දුම්රිය මාර්ගයට පස්කඳු කඩා වැටීම හේතුවෙනුයි දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ.

මේ හේතුවෙන් දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ගේ පහසුව වෙනුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරන දුම්රිය සියල්ල නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර නානුඔය සිට බදුල්ල දක්වා විශේෂ බස් රථ කිහිපයක් යොදවමින් මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පියවර ගෙන තිබෙනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පැමිණෙන මගී ප්‍රවාහන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ නතර කරන අතර ඒවා නානුඔය දුම්රිය ස්ථානයේ සිට නියමිත වේලාවට පිටත් කිරීමටයි දුම්රිය පාලක මැදිරිය සැලසුම් කර ඇත්තේ.

නානුඔය දුම්රිය ස්ථානයේ ගාල් කර ඇති දුම්රිය සඳහා බදුල්ල සිට නානුඔය දක්වා මගීන්ට පැමිණීමට ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම විශේෂ මගී ප්‍රවාහන සේවා සැලැස්ම නානුඔය දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය මාර්ග හරහා වැටී ඇති පස් කඳු ඉවත් කර දුම්රිය මාර්ගයෙන් යථා තත්ත්වයට පත් කරන තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දේශීය මගීන් සඳහා ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නමුත් මෙලෙස දුම්රිය සීමා කිරීමෙන් විදේශීය සංචාරකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.