25 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකල්පිටියේ නිවසකින් බීඩි කොළ තොගයක් හමුවෙයි

කල්පිටියේ නිවසකින් බීඩි කොළ තොගයක් හමුවෙයි

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙනවිත් නිවසක සඟවා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 1200ක් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) කල්පිටිය – ඒත්තාලේ ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද බීඩිකොළ තොගයක් කල්පිටිය – ඒත්තාලේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුක් අනුව වැටලීම සිදුකර තිබෙනවා.

මෙම බීඩිකොළ තොගය පොලිතින් උර 40ක අසුරා තිබී සොයා ගැනුණා.
සැකකරුවන් කල්පිටිය – ඒත්තාලේ, එරඹුගොඩැල්ල පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් දෙදෙනා සහ බීඩිකොළ තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.