මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්ත්වය මත කාසල්රී ජලාශය වාන් දැමීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එම ජලාශ භාර නිලධාරියකු කියා සිටියේ එම ප්‍රදේශයන්ට සවස් කාලය තුළදී ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ජලාශයේ ජලය පිරී වාන් දැමීම ආරම්භ වී ඇති බවයි.
මෙම ජලාශයේ ජලය අඟල් දෙකක් පමණ ඉහළින් වාන් දැමීම සිදුවන බවත් මේ වන විට මෙම ජලාශයේ ජලය ජල විදුලිය නිපදවීමට අදාළ ජල විදුලි බලාගාර සඳහා උපරිම ලෙස බෙදා හැරීම සිදු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.