― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකෙළින් වැඩ කළ හැකි අයට පොලිසියේ තැනක් නැහැ

කෙළින් වැඩ කළ හැකි අයට පොලිසියේ තැනක් නැහැ

කෙළින් වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට ශ්‍රී ලංකා පොලිසියේ තැනක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

හරක් කටාගේ ටෙලිෆෝන් පරීක්ෂා කළොත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි මට්ටම දැනගත හැකි බවයි ඇය එහිදී කියා සිටියේ.

මාකදුරේ මදුෂ්, නැත්තං හරක් කටාගේ ටෙලිෆෝන් අරගෙන පරික්ෂා කරන්න කියන්නකෝ. කාගෙ නොම්බරද මේවායේ තියෙන්නේ කියලා බලන්න. කෙලින් වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට ශ්‍රී ලංකා පොලිසියේ තැනක් නැහැ.

පාතාලයේ අභියෝගවලට මුහුණ දෙන්න අද පොලිසියේ නිලධාරීන්ට සිදු වෙලා. යහපාලන රජයේ සමයේදී නම් ඇල්ලූ මත්ද්‍රව්‍ය විනාශ කළා. දැන් අල්ලන මත්ද්‍රව්‍යවලට වෙන්නේ මොනාද කවුරුරුත් කියලා දන්නේ නැහැ. පොලීසියේ උසස් නිලධාරීන් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගෙවීම් ලැයිස්තුවල ඉන්නවා. පොලිස් ඇමැතිතුමා සමඟ මට ප්‍රශ්නයක් නැහැ.”