32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනෑනා අඹුකමට ගත් මස්සිනාට වසර 10ක සිර දඬුවමක්

නෑනා අඹුකමට ගත් මස්සිනාට වසර 10ක සිර දඬුවමක්

තම බිරිඳගේ බාල සහෝදරියට ලිංගික අතවර කළ අයෙක්ට (මස්සිනා) වව්නියාව මහාධිකරණය විසින් වසර 10ක බරපතල වැඩ සහිතව සිර දඬුවමක් නියම කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා සිය බිරිඳගේ බාල සහෝදරිය බලහත්කාරයෙන් කැළයකට රැගෙන ගොස් කලක් තිස්සේ ඇයට ලිංගික අතවර සිදු කර ඇති බවයි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු 2012 මාර්තු මස 05 වැනිදා මෙම දැරියව නගරයට කැටුව යමින් සිටියදී ඇයව අසළ කැලයකට රැගෙන ගොස් මුල්වරට ලිංගික අතවර සිදුකොට ඇති බවත් දැරියව බිය ගන්වා පසුව ඔහු ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඇයට ලිංගික අතවර සිදු කර ඇති බවත්ය.

මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු ගම්මානයේ පදිංචි පුද්ගලයෙකුටයි.

අධිකරණය විසින් වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසද නියම කළ අතර එම වන්දි මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර තුනකින් දීර්ඝ වන බව සඳහන් කර තිබේ.