― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමාලන්ට වසර 06ක ජාත්‍යන්තර තරග තහනමක්

මාලන්ට වසර 06ක ජාත්‍යන්තර තරග තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් හට වසර 06ක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඒ එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමට එරෙහිවයි.

සැමුවෙල්ස් ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් ඉදිරියේ දී වරදකරු බවට පත්වුණා. 2021 සැප්තැම්බර් මාසයේ දී ICC විසින් (ECB) සංග්‍රහය යටතේ නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියා ලෙස) චෝදනා ලැබූ සැමුවෙල්ස්, පහත සඳහන් වැරදි 04 සම්බන්ධයෙන් මෙම වසරේ අගෝස්තු මාසයේ දී විනිශ්චය සභාව විසින් වරදකරු කරනු ලැබුවා.

සැමුවෙල්ට එල්ල වී ඇති චෝදනා අතර 2.4.2 වගන්තිය (බහුතර තීන්දුවකින්) නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාට හෙළිදරව් කිරීමට අපොහොසත් වීම, සහභාගී වන්නාට හෝ ක්‍රීඩාවට උදාවිය හැකි තත්ත්වයන් යටතේ සිදු කරන ලද හෝ ලබා දුන් කිසියම් තෑග්ගක්, ගෙවීමක්, ආගන්තුක සත්කාරයක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලැබීම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත් කිරීමත්, වගන්තිය 2.4.3 යටතේ ඒකමතික තීරණයකින් සැමුවෙල් ව වරදකරු බවට පත් කෙරුණා.

ඒ එක්සත් ජනපද ඩොලර් 750 හෝ ඊට වැඩි වටිනාකමක් සහිත ආගන්තුක සත්කාර සඳහා නම් කරන ලද දූෂණ විරෝධී නිල කුවිතාන්සිය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනුයි.

මෙම තහනම මෙම මස සිට ක්‍රියාත්මක වනු ඇති. ICC සාමාන්‍යාධිකාරී මානව සම්පත් සහ අඛණ්ඩතා ඒකකයේ Alex Marshall පැවසුවේ, සැමුවෙල්ස් දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ අතර එම කාලය තුළ ඔහු දූෂණ විරෝධී සැසි රැසකට සහභාගී ව ඇති බවත් දූෂණ විරෝධී සංග්‍රහයන් යටතේ ඔහුගේ වගකීම් මොනවා දැයි හරියටම දැන සිටිමින් මෙවැනි ක්‍රියාදාමයන්ට එක් ව තිබීම වරදක් බවයි. සැමුවෙල් මේ වනවිට විශ්‍රාම ගොස් සිටියද, දූෂණ සිදුවන විට දී ඔහු ක්‍රීඩකයෙක් වීම හේතුවෙන් මෙම ජාත්‍යන්තර ක්‍රිකට් තහනම පැනවීමට තීරණය කළ බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවා.