30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයද්දෙහිකන්දේ පවුල් 06ක් ඉවත් කෙරේ

යද්දෙහිකන්දේ පවුල් 06ක් ඉවත් කෙරේ

බලංගොඩ පිහිටි යද්දෙහිකන්ද ප්‍රදේශය නායයෑමේ අවදානමකට ලක් ව ඇති නිසා මේ වනවිට ඒ අවට සිටින පවුල් 06ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද උදෑසන සිට කන්ද අවට ජීවත් වන පවුල් 06ක සාමාජිකයින් 22 දෙදෙනකු ඔවුන්ගේ ඥාති නිවාසවල තාවකාලි ක රඳවා තැබීමටයි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය කටයුතු කර ඇත්තේ.

පවතින අධික වර්ෂාවත් සමග මෙම ප්‍රදේශයේ නිවාසවල බිත්ති ඉරිතැලි භුමිය පුපුරා පැතිර ගොස් ඇති බැවින් ඔවුන් ආරක්ෂිත ව මෙලෙස ඥාති නිවස්වල රඳවා තැබීමට කටයුතු කළ බවයි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර පැවසුවේ.

ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර බෙදා දීමක්ද සිදු කෙරෙන බවත් වාර්තා වනවා.