― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවව්නියාවේ වැව් 415ක් පිටාර ගලයි

වව්නියාවේ වැව් 415ක් පිටාර ගලයි

අධික වැස්ස නිසා වව්නියාවේ වැව් 415 ක් පිටාර ගලමින් තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් ජන ජීවිතවල දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි. දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූර්ණ වැව් 639 න් වැව් 415 ක්ම මේ වන විට පිටාර ගලන බවට වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර පවසා සිටියා.

වව්නියාවේ මහවැව් වූ පාවක්කුලම් ඇතුළු ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, සුළු වාරිමාර්ග සහ මහා වාරිමාර්ග යටතේ ඇති වැව් 415 ක් අද උදෑසන වනවිට පිටාර ගලමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අනුව වව්නියාව දිස්ත්‍රික්කයේ සමස්ත වැව් 639න් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා වැව් 617න් වැව් 400 ක් ද, සුළු වාරිමාර්ග යටතේ පවත්නා වැව් 17න් වැව් 11ක්ද මහා වාරිමාර්ග යටතේ පවත්නා වැව් 5 න් වැව් 4ක් ද මේ වන විට පිටාර ගලන බවට ද වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

මෙලෙස වැව් පිටාර ගැලීම හේතුවෙන් වව්නියාවේ මහකන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු ද විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති අතර ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයටද දැඩි බලපෑම් එල්ල වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.