― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවසර 10කට පසු සමනල වැව වාන් දමයි

වසර 10කට පසු සමනල වැව වාන් දමයි

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයත් වාන් දමා තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ මෙලෙස සමනල වැවේ වාන් දොරටු විවර වී ඇත්තේ වසර 10කට පසුව බවයි.

එමෙන්ම මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වනවිට සියයට 90 ඉක්මවා තිබෙනවා.

ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.