29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsව්‍යාපාරිකයෙකුගේ නිවසට පැන රන් භාණ්ඩ කොල්ලකාලා

ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැන රන් භාණ්ඩ කොල්ලකාලා

පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (23) අළුයම පැන ඔහුගේ දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන, නිවසෙහි තිබූ රන් භාණ්ඩ කොල්ල කෑමේ පුවතක් වාර්තා වෙනවා.

එම ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් පාන්දුර දකුණ පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා තිබෙනවා.

අද අළුයම 2ට පමණ ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලයකින් තිදෙනෙකු නිවස තුළට පැන, රන් අත්පළඳනා, මුදු ඇතුළු දේපොළ කොල්ල කා පලා ගොස් තිබෙනවා.

පහර කෑ ව්‍යාපාරිකයා පානදුර රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකර ඇති අතර ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීන් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.