මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හයක් ඊයේ (22) අලුයම් කාලයේදී විවෘත වී ඇති බව ජලාශය බාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස වාන්දොරටු හයක් විවෘත වීමත් සමඟ වික්ටෝරියා ජලාශයෙන් තප්පරයට ඝනමීටර් 675ක ජල ධරිතාවයක් පිටවන බවයි.
එලෙස පිටවන ජලය මහවැලි ගඟ දිගේ රංදෙනිගල ජලාශයට මුදාහරින බවයි ඔහු සඳහන් කළේ.