― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවිමල්ගේ නඩුව ලබන වසරට කල් යයි

විමල්ගේ නඩුව ලබන වසරට කල් යයි

අක්‍රිය විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් විදේශ ගතවීමට උත්සහ කිරීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා කල් දමා තිබේ.

ඊට අදාළ නඩුව අද (23) කැඳ වූ අවස්ථාවේදියි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල ආරියසේන මෙම නියෝගය නිකුත් කළේ.

2015 වසරේ ඔක්තොම්බර් 13 වැනිදා අක්‍රිය ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට උත්සාහ කර ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.