29 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට ස්ථාන මාරුවක්

සිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට ස්ථාන මාරුවක්

පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස බල කළ බව කියන රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි මේ බව පැවසුවේ.

ඊයේ දිනයේදී නාවලපිටිය, රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් සිසුන් දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් එම පොලිතින් හා පත්තර කොළ කන ලෙස විදුහල්පතිවරයා සිසුන්ට බල කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අමතා තොරතුරු ලබාගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් දිවා ආහාරය ලන්ච් ෂීට්වල ඔතාගෙන රැගෙන විත් ඇති බවයි.

පාසල පොලිතීන්වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යන බැවින් අදාළ සිසුන්ට එම ලන්ච් ෂීට් හා පත්තර කඩදාසි කන ලෙස විදුහල්පතිවරයා බලකර තිබේ.

මෙම සිදුවීමට මුහුණදුන් පාසල් සිසුන් දෙදෙනෙක් ඊයේ උදෑසන නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිදුවීමට මුහුණදුන් අනෙක් සිසුන් පස්දෙනා අද (23) පාසල් පැමිණ තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ නාවලපිටිය පොලීසියටද පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව පස්බාගේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

එම පරීක්ෂණ කටයුතුවල පහසුව වෙනුවෙන් මෙලෙස අදාළ විදුහල්පතිව ස්ථාන මාරු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.