― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsහමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා - ප්‍රමිත

හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා – ප්‍රමිත

හමුදා කඳවුරු ඇතුළට දේශපාලනය ගෙන ඒමෙන් වළකින්නැයි තමා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (23) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විශ්‍රාමික නිලධාරීන්ට දේශපාලනය කිරීමේ පූර්ණ අයිතිය තියෙනවා. කවුරු පාලනයේ හිටියත් හමුදාවට දේශපාලනය ගේන එකට අපි විරුද්ධයි. ඔබතුමා හිටියත් ඒකට විරුද්ධ වෙනවා. මම දන්නවා. සම්පත් තුයකොන්තා හිටපු ගුවන් හමුදා නිලධාරියා ගුවන් හමුදා ඩාන්ස් එකේ හිටියා. මම දැක්කා. විශ්‍රාමික හමුදා නිලධාරියකුට හමුදා කඳවුරට එන්න විශේෂ හේතුවක් නෑ. එහෙම එනවනම් විශේෂ අවසරයක් ඕන. මම ගියත් ගුවන් හමුදාපති දැනුවත් කරලා යන්නේ. ගුවන් හමුදාපති මගින් එතන කඳවුරේ නිලධාරීන් දැනුවත් කරලා යන්නේ.

ඒ ගියත් මම එතන දේශපාලනය කතා කරන්නේ නැහැ. ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරයේ නිලධාරීන් ගණනාවක් ඉන්න බව මම දන්නවා. ඔබතුමා කල්පනා කරලා බලන්න. ඒකෙන් කීප දෙනකුට විතරක් මේ ප්‍රශ්නය ඇති වුණේ ඇයි කියලා. එතකොට අනිත් අයට බාධාවක් නැහැ. සමහර තැන්වල අසාධාරණකම් සිද්ධ වෙලා තිබුණා. අපි ඒ තීරණ වෙනස් කරල තියනවා. දේශපාලනය හමුදා කඳවුරුවලට කරුණාකරලා ගේන්න එපා. හැම දේශපාලන දේශපාලන ව්‍යාපාරයකින්ම මම ඒක ඉල්ලනවා.”