32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහාලිඇළ පස් කන්දක් තරුණියන් දෙදෙනෙක් බිලි ගනියි

හාලිඇළ පස් කන්දක් තරුණියන් දෙදෙනෙක් බිලි ගනියි

හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (22) පස්වරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 21 සහ 22 හැවිරිදි තරුණියන් දෙදෙනෙක් බවයි හාලිඇල පොලිසිය පවසන්නේ.

පවතින අධික වර්ෂාවත් සමඟ මෙම තරුණියන් දෙදෙනා නිවසේ නිදන කාමරයේ ඇඳක් මතට වී සිට ඇති අතර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ එක්වරම නිවස මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

මොවුන් දෙදෙනා එම පස් කන්දට යට වී ඇති අතර නිවැසියන් නිවසට පැමිණ බැලීමේදී නිවසේ නිදන කාමරයට පස් කන්දක් කඩා වැටී කාමරය පස්වලින් වැසී තිබෙන අයුරු දැක තිබෙනවා.

වහාම ක්‍රියාතමක් වූ නිවැසියන් ඇතුළු පිරිස පස්කන්දට යට වූ තරුණියන් දෙදෙනා බේරාගෙන බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම තරුණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.