32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතුරුදන් වූ කොස්තාපල්වරයාගේ සිරුර හමුවෙයි

අතුරුදන් වූ කොස්තාපල්වරයාගේ සිරුර හමුවෙයි

ඊයේ (23) දිනයේදී සැකකරුවෙකු අල්ලා ගැනීම සඳහා ජා ඇල දඬුගම ඇළට පැන අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද (24) සොයාගෙන තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ ජා ඇල ප්‍රදේශයේ ඇළකට පැන පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකු අල්ලා ගැනීම සඳහා ඇළට පැන ඇති අතර දියේ ගිලී අතුරුදන් වී තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ ජාඇල පොලිස් ස්ථානයේ සේවය කළ ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහුගේ මළ සිරුර සේදවත්ත ඇළ අසල තිබී හමුවූ බව වාර්තා වේ.