28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරමින් පවසන්නේ උතුරු පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට ද වරින් වර වැසි ඇති වීමේ ඉඩකඩක් පවතින බවයි.

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එනු ඇති බවත් සුළඟේ වේගය පැ.කි.මී.(20-30) පමණ අගයක් ගත හැකියි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතිනු ඇති.

කෙසේවෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.

මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් යට වූ කෑගල්ල, රක්වාන ආදී ප්‍රදේශවල මාර්ගවල ඇති ජලය බැස යන ආකාරයත් වාර්තා වනවා.