― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅධිවේගී වර්ජනය දා ආදායම දෙකෝටිය ඉක්මවයි

අධිවේගී වර්ජනය දා ආදායම දෙකෝටිය ඉක්මවයි

අධිවේගී මාර්ගවල සේවකයන් පසුගියදා (22) වැඩ වර්ජනයක නිරත වූ අතර එම දිනයේ පෙරවරු 9 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ පමණක් රුපියල් 21,044,755ක ආදායමක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගීඉ මාර්ග සේවකයින්ගේ වැඩවර්ජනය හමුවේ වුවද ත්‍රිවිද හමුදා සාමාජිකයන් යොදවා මුදල් අය කිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත්තේ.

අධිවේගී මාර්ග කාර්ය මණ්ඩලය විසින් අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර ඉවත් කිරීමට කටයුතු කර තිබීම හේතුවෙන් ආරක්ෂක අංශ විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට විකල්ප ක්‍රම යොදාගෙන තිබුණා.

එය සියලු අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලදී අනුගත වෙමින් පෙරවරු 9ට පමණ ක්‍රමවත් පරිදි ගාස්තු අය කළ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ.

ආරක්‍ෂක අංශ සාමාජිකයන් පෙරවරු 9ට පමණ මුදල් අයකිරීම ආරම්භ කර පස්වරු 7 දක්වා මෙම ආදායම ලැබූ අතර සේවක වර්ජනය පැවතිය ද ආදායමේ වෙනසක් නොමැති බව එම අධිකාරිය සඳහන් කරනවා.

මුදල් අයකැමියන්ගේ සේවයෙන් වර්ජනයට පෙර දිනය වූ 21 වනදා පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා රුපියල් දෙකෝටි තිස්ලක්‍ෂයකට (23,028,700) අධික ආදායමක් පමණක් ලබා තිබෙනවා. පසුගිය සතියේ බදාදා (15) පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා රුපියල් දෙකෝටි විසිලක්‍ෂයකට (22,877,500) අධික ආදායමක් ලැබූ බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

මුදල් අයකැමියන්ගේ සේවය යටතේ 21 වැනිදා පෙරවරු 8 සිට පස්වරු 7 දක්වා රුපියල් 21,107,3500කට අධික ආදායමක් ද, පසුගිය බදාදා (15) වැනිදා පෙරවරු 8 සිට පස්වරු 7 දක්වා රුපියල් 21,030,900 අධික ආදායමක් ලැබූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියේ දෛනික ආදායමේ සාමාන්‍ය රුපියල් කෝටි දෙකහමාරක් පමණ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ.