31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ගස් සහ පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දුම්රිය මාර්ගයට ගස් සහ පස්කඳු කඩාවැටීම නිසා එහි දුම්රිය ධාවනය සීමාකර තිබුණා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා සීමාකර තිබූ අතර බදුල්ලේ සිට කොළඹ කොටුවට දුම්රිය ධාවනය වුයේ නැහැ.

මාර්ගය යළි යථා තත්ත්වයට පත් කිරීමත් සමඟ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන පළමු දුම්රිය අද (24) පෙරවරු 10.15ට බදුල්ලෙන් ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.