25 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත ගුවන් ගමන් නවතයි

එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත ගුවන් ගමන් නවතයි

එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිහිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායලයේ පවතින යුධමය වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට නියමිත කාල සටහනකට අනුව ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙලෙස එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදුකෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු අත්හිහිටුවීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ සදහන්.

ඊශ්‍රායල සහ අනෙකුත් රටවල ගුවන් සේවා බලධාරීන් සමඟ සමීපව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹීමට සිදුකළ බව එමිරේට්ස් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.