― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඩයනාගේ අතුරු තහනම් නියෝගය විසිවෙයි

ඩයනාගේ අතුරු තහනම් නියෝගය විසිවෙයි

සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අයට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (24) ප්‍රතික්ෂේප කළා.

සජිත් ප්‍රේමදාසට සහ රංජිත් මද්දුමබණ්ඩාරට එම ධුර දැරීමට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බවත්, ඔවුන් එම ධුරවල කටයුතු කිරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගොනුකළ නඩුවකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ අනුව නඩුවට අදාළ උත්තර පෙබරවාරි මස 12 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් දිසාවිනිසුරුවරයා පාර්ශවකරුවන්ට නියෝග කළා.

පැමිණිලිකාර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන අය බවත් ඊට අදාළව ඔවුන් විසින් පැවරූ නඩු තවමත් අධිකරණවල විභාග වෙමින් පවතින බවයි.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයින්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවයි ඩයනා ගමගේ පෙන්වා දෙන්නේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස සා රංජිත් මද්දුම බණ්ඩාර යන අය වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයින් බැවින් ඔවුන්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය මෙන්ම ධුර දැරිය නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුන් එම ධුර වල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසාවිනිසුරුවරයා සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් පෙත්සම්කාරිය සිය පැමිණිල්ල ඔස්සේ ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කළා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අය සමගි ජනබලවේගයේ දුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් දිසා විනිසුරුවරයා සඳහන් කළා.