29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදැරියක් දූෂණය කළ ඥාති සොහොයුරා අත්අඩංගුවට

දැරියක් දූෂණය කළ ඥාති සොහොයුරා අත්අඩංගුවට

කන්දකැටිය – මුඩගමුව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් දුෂණයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ ඥාති සහෝදරයෙකු සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු මුඩගමුව – කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක් බවයි.

වයස අවුරුදු 16ක් වන මෙම දැරිය පසුගිය 9 වැනිදා ඇයගේ නිවස තුළ දී සැකකාර ඥාති සහෝදරයා විසින් දූෂණය කළ බවට ලද පැමිණිල්ලක් මතයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී ඇය මීට වසරකට පෙරදී ගෝඩුන්න ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙ⁣බළෙකු අතින්ද දූෂණයට ලක්ව ඇති බවට කරුණු අනාවරණය වූ බවත් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම සැකකාර යුද හමුදා සෙබළාද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත සහ පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප මංගල දිසානායක විසින් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.