26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධනුෂ්කගේ නඩු ගාස්තු ගෙවන්නැයි නියෝග

ධනුෂ්කගේ නඩු ගාස්තු ගෙවන්නැයි නියෝග

කාන්තාවකගේ කැමැත්තෙන් තොරව අනාරක්ෂිතව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණයක් තීන්දු කර තිබෙනවා.

ඒ අනුව සිඩ්නි අධිකරණය නියෝග කර ඇත්තේ ගුණතිලකගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසටයි.

පසුගිය වසරේ නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතර තුර ටින්ඩර් දුරකථන ඇප් එකක් හරහා හඳුනාගත් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු ගුණතිලකට පවරා තිබූ නඩුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු නිදොස්කොට නිදහස් කිරීමටයි සිඩ්නි අධිකරණය නියෝග කළේ.