29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාඨලීගේ නඩුව අත්හිටුවන්නැයි නියෝග

පාඨලීගේ නඩුව අත්හිටුවන්නැයි නියෝග

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදු කිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහි ව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් වූ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.

පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය මෙම නියෝග නිකුත් කළා.