― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබාලවයස්කාර පෙම්වතිය අඹුකමට ගත් තරුණයා අත්අඩංගුවට

බාලවයස්කාර පෙම්වතිය අඹුකමට ගත් තරුණයා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාල වයස්කාර සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් ඇය සමඟ අඹුසැමි ඇසුරක් පැවැත් වූ බව තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උදාසිරිගම පොලිසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි.

වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම අදාළ සිසුවිය තම පියා සහ සහෝදරයා සමඟ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවිය කුලී පදනම මත දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය ඔක්තොම්බර් මස 11 වැනිදා අලුයම් කාලයේ පෙම්වතාගෙන් ලද දුරකථන ඇමතුමක් අනුව, සිය පියාට සහ සහෝදරයාට හොර රහසේ නිවසින් පිටව ගොස් ඇති සිසුවිය පෙම්වතා සමඟ යතුරුපැදියක නැගී පුත්තලම, කුවේණිගම ප්‍රදේශයේ පොල්වත්තකට ගොස් තිබෙනවා.

පසුව මොවුන් දෙදෙනා එම පොල් වත්තේ මාසයකට වැඩි කාලයක් අඹුසැමියන් ලෙස ජීවත් වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් සිසුවියගේ පියා මේ සම්බන්ධයෙන් උදාසිරිගම පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව සිසුවියට සහ ඇයගේ පෙම්වතාට පොලිසිය විසින් කැඳවීමක් සිදුකර ඇති අතර ඔවුන් ඊයේ (23) දින පොලිසියට පැමිණීමෙන් පසු සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර පෙම්වතා අද (24) මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.