― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබිළිඳුන් විදේශීය පුද්ගලයන්ට විකිණීමේ ජාවාරමක්

බිළිඳුන් විදේශීය පුද්ගලයන්ට විකිණීමේ ජාවාරමක්

මහනුවර ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන මහා පරිමාණ මිනිස් ජාවාරම් සිදුකරන සංවිධානාත්මක කල්ලියක් පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවයි.

මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම ජාවාරමේ ගොදුරක් බවට පත්ව මේ වනවිට නෝර්වේ රටෙහි වෙසෙන කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊට අදාළ සැකකරුවන් සොයා විමර්ශන කටයුතු පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

තමා මාස 01 ක් පමණ වයසේදී එනම් 1992 වර්ෂයේ පමණ නෝර්වේජියානු යුවළක් වෙත ලබා දී තිබෙන බවත්, තමාගේ මාපියන් සෙවීමට මෑත කාලයේදී කටයුතු කළ බවත් අදාළ කාන්තාව පැමිණිල්ලෙන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව තමාගේ මාපියන් ශ්‍රී ලාංකිකයන් බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔවුන් සොයා මෙරටට පැමිණි බවත්, ඒ අනුව තම මව සොයාගත් බවත් නෝර්වේ වෙසෙන කාන්තාව කරන ලද පැමිණිල්ලේ සඳහන්.

ආර්ථික අපහසුතා නිසා තමාව මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකුට දුන් බවත්, තමාගේ සහෝදරයාද එලෙස දුන් බවත් මවගෙන් අනාවරණ වූ බව දන්වා සිටින පැමිණිලිකාරිය මහනුවර ප්‍රදේශයේ එක්තරා කල්ලියක් විසින් දරුවන් ගෙන ව්‍යාජ ලේඛන සකස් කර විදේශගත පුද්ගලයන්ට විකුණන බවද දන්වා තිබෙනවා.