25 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentමව රෝහලට රැගෙන යමින් සිටි මෝටර් රථයක් අනතුරට

මව රෝහලට රැගෙන යමින් සිටි මෝටර් රථයක් අනතුරට

අනුරාධපුර ජෝෂප් මහා විද්‍යාලය දෙස සිට ඊයේ (23) රාත්‍රියේ පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අනුරාධපුර රෝහල් වටරවුම මතට වැටී අනතුර සිදුව ඇති බවයි.

තම මවට ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන එමින් තිබූ මෝටර් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අනතුරින් දෙදෙනාටම සුළු තුවාල සිදු වී ඇති අතර ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබෙනවා.

මෝටර් රථයට සහ රෝහල් වටරවුමට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර අනුරාධපුර පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.