29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට රාජාංගණයේ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මේ වනවිට ජලාශයේ වාන් දොරටු විවර කිරීම හේතුවෙන් තත්ත්පරයට ඝන අඩි 7100ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි.

වාන් දොරටු 04ක් අඩි 04 බැගින් විවෘත කර තිබෙනවා. තවත් වාන් දොරටු 02ක් අඩි 03 බැගින්ද, සෙසු දොරටු දෙක අඩි 02 බැගින්ද විවර කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මීට අමතරව මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගලා තිබෙනවා. මේ හේතුවෙන් තිහාරිය ප්‍රදේශයම ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

වාරන සහ මාරගහ යන ප්‍රදේශවලට ගංවතුර අවදානමක් ද ඇති ව තිබෙන බවත් වාර්තා වනවා. මේ නිසා එම ප්‍රදේශවල දෛනික කටයුතු අඩාල වී ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් උදෑසන වන විට දී යම් ප්‍රමාණයකින් ජලය බැස යාම ආරම්භ වී ඇති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රකාශ කළා.