― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලංවිම ලාබ ලැබුවොත් ජනතාවට ප්‍රතිලාභ දෙනවා

ලංවිම ලාබ ලැබුවොත් ජනතාවට ප්‍රතිලාභ දෙනවා

විදුලිබල මණ්ඩලයට වැඩිපුර ආදායමක් ලැබුණහොත් එම ප්‍රතිලාභය ජනතාවට ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිෂ්ක්‍රිය කරන්න යෝජනා කරලා නැහැ. විදුලි බල මණ්ඩලය නියාමනය කරන ආයතනය ලෙස එය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. නිෂ්ක්‍රිය කරනවා කියලා තියෙන්නේ කොහේ දැයි කියන්න කියා තමා අභියෝග කරනවා. වැඩිපුර ආදායමක් තියෙනවා නම් ඒ ප්‍රතිලාභය ජනතාවට දෙනවා. ලුබ්‍රිකන්ට් ලයිසන් පිළිබඳව නීති තිබුණේ නැහැ. අපි අභිලාෂ කැඳවලා බලපත්‍ර දුන්නා. බන්කරින් වලටත් නීති පද්ධතියක් හදාගෙන යනවා. විදුලිබල පනත පිළිබඳව වැරදි විදිහට හිතන්න හොඳ නෑ. ඒ ගැන බිය විය යුතු නෑ. ඒ පනත ජනවාරි මාසයේ දී සම්බන්ධ කර ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. විදුලි සම්බන්ධතාවයකට එකවර ගෙවීමට බැරිනම් කොටස් වශයෙන් ගෙවීමට සම්බන්ධතාව ලබා ගැනීමට ක්‍රමවේදයක් හදනවා. විසන්ධි කරපු සැපයුම නැවත ලබාදීමට රුපියල් 3000ක මූලික ගාස්තුවක් ගත්තා. ඒ ප්‍රමාණය බිලේ ප්‍රමාණයට අනුව කටයුතු කරන්න උපදෙස් දුන්නා.ඒක 2000 කට අඩු ගාණකට අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.