― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවලවේ ගඟ පිටාර ගලයි - මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

වලවේ ගඟ පිටාර ගලයි – මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

වසර 10කට පසුව අධික වර්ෂාව හේතුවෙන් වාන් දැමුණු සමනල වැව හේතුවෙන් මේ වනවිට බලංගොඩ – කතරගම ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බවට වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සමනල වැවෙහි වාන් දොරටුවක් විවෘත කිරීමත් සමග ඉන් පිටවන ජලය වලවේ ගඟට එකතු වීමත් සමග, වලවේ ගඟ බලංගොඩ – කල්තොට ප්‍රදේශයෙන් මේ වනවිට පිටාර ගැලීම ආරම්භ වී ඇති බවයි.

මෙලෙස වලවේ ගඟ පිටාර ගැලීමෙන් අවහිර වූ බලංගොඩ – කතරගම මාර්ගයේ රථ වාහන ධාවනයට සේම, පදිකයින්ට ද ගමන් කිරීමේ අපහසුවක් ඇතිව තිබෙනවා.

ඊයේ දිනයේදී සමනල වැව භාර වාරිමාර්ග ඉංජිනේරුවරුන් විසින් ජලාශයේ වාන් දොරටු විවර කිරීමටයි පියවර ගත්තේ.

වලවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොලිසිය දැනුම්දී ඇත්තේ විකල්ප මාර්ග ලෙස කල්තොට මංසන්ධියෙ සිට කල්තොට වෙල් යාය හරහා ඇති මාර්ගය භාවිත කර නැවත මැදබැද්ද මංසන්ධියට පැමිණ කතරගම මාර්ගය භාවිත කරන ලෙසටයි.

ජල මටිටම තවත් ඉහළ යා හැකි බැවින් කල්තොට පහළ ද්‍රේණියේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙසට ද ජනතාවට දැනුම්දී තිබෙනවා.