23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලි බිල ගැන සතුටුදායක ආරංචියක්

විදුලි බිල ගැන සතුටුදායක ආරංචියක්

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඊයේ (23) දිනය වන විට දිවයින පුරා ඇති සියලුම ජලාශවල සමස්ත ජල ධාරිතාව 96%ක් දකවා පිරී ගොස් ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පැවසීය.

මාධ්‍ය ප්‍රකාශකවරයා අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ මේ වනවිට සමස්ත විදුලි ජනනයෙන් ජල විදුලිය නිෂ්පාදනය 65%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙලෙස ජල විදුලි නිෂ්පාදන ධාරිතාව ඉහළ යාමත් සමඟ ඉදිරියේදී විදුලි බිලේ සංශෝධනයක් කරා යාමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.