― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsහිටපු CID අධ්‍යක්ෂක කෝටි 100ක වන්දි ඉල්ලයි

හිටපු CID අධ්‍යක්ෂක කෝටි 100ක වන්දි ඉල්ලයි

අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කරමින් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් තම ආත්ම ගරුත්වයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකගෙන් මෙම වන්දිය අයකර දෙන ලෙසටයි ඔහු ඉල්ලා ඇත්තේ.

එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සම තුළින් ශානි අබේසේකර කියා සිටින්නේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ගිනි අවි පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ට එරෙහිව ද්වේශ සහගත සහ පලිගැනීමේ චේතනාවෙන් විමර්ශනයක් සිදුකළ බවයි.

පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ තීරණයක් අනුව මෙම විමර්ශනය පැවැත්වුණු බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම විමර්ශනවලදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් අධිකාරී නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත යන අය තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදුකරන ලෙස විවිධ පුද්ගලයින්ට බලපෑම් කර තිබූ බවත් ශානි අබේසේකර සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව වගඋත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් මාස ගණනාවකින් පසුව නීතිපති උපදෙස් මත නිදහස් කෙරුණු බවත් ඔහු සඳහන් කළා.

මේ හරහා වගඋත්තරකරුවන් අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කරමින් ද්වේශ සහගත ලෙස තම ආත්ම ගරුත්වයට එල්ල කළ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අය කළ දෙන ලෙසට ඉල්ලමිනුයි ශානි අබේසේකර විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ.