― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot NewsIMF දෙවන වාරිකය ලැබෙන දිනය ගැන ඉඟියක්

IMF දෙවන වාරිකය ලැබෙන දිනය ගැන ඉඟියක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන වාරිකය සඳහා මේ වසරේ දෙසැම්බර් මාසය වන විට අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය.

අද (24) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් ලබා ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් අයවැය ආධාරක වැඩසටහන් හරහා අරමුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත IMFහි පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලුම නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමට හැකි වනු ඇති බවට ද මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළා.

“අපි නිවැරදි දිශාවට ගමන් කරමින් සිටින අතර නුදුරේදීම ධනාත්මක ප්‍රතිඵලයක් දැකගත හැකි වනු ඇත” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.