― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅපි නව නායකත්වයක් කරා යා යුතුයි - කාදිනල් හිමි

අපි නව නායකත්වයක් කරා යා යුතුයි – කාදිනල් හිමි

රටට ආදරය කරන නව නායකත්වයක් කරා යාමට සැවොම ක්‍රියාකාරී විය යුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) උත්කර්ෂවත් අයුරින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය්දී පැවැත්වුණු සිග්නීස් සිනමා සම්මාන උලෙළට එක්වෙමිනි.

“රජය ද සමාජ මාධ්‍ය නියාමනයට යැයි කියමින් ඒකාධිපති නැඹුරුවක් තුළ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ හා සත්‍ය සොයායෑමේ අයිතිය සීමා කිරීම සඳහා මේ පනත ඉදිරිපත් කළ බව පැහැදිලිය. රට ඒකාධිපතිවාදය වෙත මෙහෙයවන්නට ක්‍රියාත්මක කරන මෙවැනි ප්‍රයත්නයන් පරාජය කිරීම, දේශමාමක හා ජනතාහිතෛෂී ජනමාධ්‍යයේ යුතුකම වේ. මෙතෙක් අප රට පාලනය කළ පාරම්පරික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමේ කාලය එළඹී ඇත. දේශපාලන, පවුල්වාදය හා පරගැතිබව තුරන් කරමින් රටතුළ නව ප්‍රබෝධයක් ඇති කරලීමේ කාලය අත ළඟය. ඇස්බැස්ටෝස් තහඩුවට, රුපියල් 5,000ට හෝ බත්මුලට මත්පැන් බෝතල් භාගයට ඡන්දය භාවිතා කළ යුගය අපි අවසන් කළ යුතුයි. සම්ප්‍රදායික ජනපීඩක දේශපාලකයින් වෙනුවට රටට ආදරය කරන නව නායකත්වයක් කරා යමින් අප දේශය නව විමුක්තියක් කරා රැගෙන යෑමට ඊළඟට අපි සැවොම ක්‍රියාකළ යුතුයි.”