25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිලිනොච්චිය රෝහල අසළ මාර්ගයේ මළ සිරුරක්

කිලිනොච්චිය රෝහල අසළ මාර්ගයේ මළ සිරුරක්

කිලිනොච්චිය, රෝහල අසළ දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (26) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙලෙස සොයාගත් මළ සිරුර වයස අවුරුදු 25-30ත් අතර වයසේ පසුවන උස අඩි 05ක පමණ අයෙකුගේ බවයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති අතර මෙම මරණය දුම්රියේ ගැටී මිය යාමක් ද, සියදිවි නසා ගැනීමක් ද නොඑසේනම් වෙනත් අපරාධයක් ද යන්න සම්බන්ධයන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.