28.9 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ ගස් ඉවත් කිරීමේ බලය ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට

කොළඹ ගස් ඉවත් කිරීමේ බලය ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට

කොළඹ නගරයේ මාර්ග දෙපස ඇති අවදානම් සහගත ගස්
ඉවත් කිරීම සම්බන්ධයෙන් බලය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට පවරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ නගරයේ මාර්ග දෙපස ඇති අවදානම් සහගත ගස් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කිසිදු ආයතනයක් නොමැති බවයි.

එමෙන්ම ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒ සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් මාර්ග දෙපස ගස් සිටුවීම වළක්වාලමින් ලබන වසරේ තීරණාත්මක තීන්දු ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.