― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතරුණයින්ට නොමිලේ උපත් පාලන කොපු

තරුණයින්ට නොමිලේ උපත් පාලන කොපු

මෙරට තරුණයින් අතර HIV ආසාදනයේ වැඩිවීමක් දකින්නට ලැබෙන බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක පැවසුවාය.

ඒ අනුව 2022 වසරේ හඳුනාගත් HIV ආසාදිතයන් 607 දෙනාගෙන් 73ක්ම තරුණ ප්‍රජාව බවත් එම පිරිස අවුරුදු 15ත් 24ත් අතර වයසේ පසුවන්නන් බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවක් පවත්වන සෑම අවස්ථාවකදීම කොන්ඩමයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් දැනටමත් දිවයින පුරා සායන 41කදී නොමිලේ කොණ්ඩම් ලබාදෙන බවයි.

දෙසැම්බර් 01 වැනිදාට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති සම්මන්ත්‍රණයේදී ඇය මේ බව සඳහන් කළාය.

2018 ඉඳලා අවුරුදු 15ත් 24ත් අතර තරුණ ප්‍රජාව තුළ එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙනවා. 2022 දී හඳුනාගත් නව එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් 73 දෙනෙක්ම මේ තරුණ ප්‍රජාව. ඒ කියන්නේ සියයට 12ක්. ඒ අතරින් 66 දෙනෙක්ම පිරිමි පුද්ගලයන්. ඒ නිසා තරුණ පරපුර අතර එච්.අයි.වී. වළක්වා ගැනීම ඉතා වැදගත්.

තමන්ගේ ලිංගික සම්බන්ධතාව විශ්වාසවන්ත සහකරුවෙක් හෝ සහකාරියක් සමග පවත්වන්න. වෙනත් සම්බන්ධතා පවත්වනවා නම් ආරක්‍ෂිත උපක්‍රමයක් හැටියට කොණ්ඩමයක් භාවිත කිරීම වැදගත්. දැනටමත් අපි දිවයින පුරා සායන 41 ක්ම කොණ්ඩම් නොමිලේ ලබා දෙනවා.”