26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද රැස්වෙයි

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද රැස්වෙයි

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද (27) සිට දින 03ක් රැස්වීමට නියමිතය.

ඒ අනුව විනය විරෝධි ලෙස හැසිරුණු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් 06ක් විභාග කිරීම මෙම දින තුන තුළදී සිදුවනු ඇති.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයාට තර්ජනය කිරීමේ සිද්ධිය, ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා අතර ඇති වූ සිද්ධිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට ඇති පැමිණිල්ල, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල මෙම කමිටුවේ දී විභාග ගැනීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාට සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ද චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් රැස්වෙන මෙම කමිටුවේ දී විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර මෙම පෙත්සම් 06 සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය සිදුකර අයවැය අවසන් වීමට ප්‍රථම තමා වෙත ඉදිරිපත් කරන ලෙස ද කථානායක මහන්ද යාපා අබේවර්ධන විසින් දැනුම් දී තිබෙනවා.