― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපෙබරවාරියේදී ග්‍රාම නිලධාරීන් 2,238ක් සේවයට

පෙබරවාරියේදී ග්‍රාම නිලධාරීන් 2,238ක් සේවයට

ලබන වසරේ පෙබරවාරි 04 වැනිදාට පෙර ග්‍රාම නිලධාරීන් 2,238ක් රාජ්‍ය සේවයට එක් කර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2021 වසරේ ග්‍රාම නිලධාරී විභාගය සඳහා අයදුම්පත් යොමු කළ සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයන් සඳහා දෙසැම්බර් 02 වැනිදා විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි.