― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබැංකු බලපත්‍ර ගාස්තුත් ඉහළට

බැංකු බලපත්‍ර ගාස්තුත් ඉහළට

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බලපවත්නා වාර්ෂික බලපත්‍ර ගාස්තු සංශෝධනයට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ අදාළ ගාස්තු අදාළ වර්ෂයේ ජනවාරි 31 දින හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි.

ඒ අනුව රුපියල් බිලියන 25කට වඩා අඩු වත්කම් පදනමක් ඇති කුඩා පරිමාණයේ බලපත්‍රලාභී බැංකු සඳහා 2023 වසර වෙනුවෙන් රුපියල් මිලියන 3.3 ක බලපත්‍ර ගාස්තුවක් අය කරනු ලැබූ අතර එය 2024 සහ 2025 වසර සඳහා එක් වර්ෂයකට රුපියල් මිලියන 3.5 ක් බැගින් ඉහළ නංවා තිබෙනවා.

රුපියල් බිලියන 2,000 ක් ඉක්මවූ විශාල පරිමාණයේ වත්කම් පදනමක් සහිත බැංකු සඳහා රුපියල් මිලියන 38 ක් වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 40 ක් දක්වා ඉහළ නංවා තිබේ.