32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබූස්සේ CCTV ගැලවීම ගැන විමර්ශන අරඹයි

බූස්සේ CCTV ගැලවීම ගැන විමර්ශන අරඹයි

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේ සවි කර තිබූ සීසීටීවී කැමරා පද්ධති 23ක් කඩාබිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ
කප්පම් ගැනීම්, මංකොල්ලකෑම් ඇතුළු සිද්ධි රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි සැකකරුවෙකු එම කැමරා පද්ධති කඩා බිඳ දමා ඇති බවත් එම කැමරා පද්ධතිවලින් 8කට පූර්ණ අලාභහානි සිදුව ඇති බවත්ය.

පසුගියදා (25) උදෑසන බන්ධනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව ව්‍යායාම කටයුතු සඳහා මෙම රැඳවූවා ඇතුළු සෙසු රැඳවූවන් පිටතට ගෙන ඇති බවත් ඒ අවස්ථාවේදී මොහු මෙම කැමරා පද්ධතිවලට හානි කර ඇති බවත් කොමසාරිස්වරයා අවධාරණය කළේය.

එම බන්ධනාගාරයේ විශේෂ අංශයක පළමු වාට්ටුව තුළ සවි කර තිබූ කැමරා පද්ධතිවලට මොහු එසේ හානි කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ.

මංකොල්ලකෑම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මෙම සැකකරුවා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර එවූ අයෙකු බවත් මීට පෙරද මෙම බන්ධනාගාරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිවලට එසේ හානි කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් පවතින බවත් වාර්තා වෙයි.

මෙම සිද්ධිය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් එදින රාජකාරියේ සේවයේ යෙදී සිටියේ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවයි කොමසාරිස්වරයා අවධාරණය කළේ.