තමාගේ ජීවිතයට අවදානමක් ඇති බවත් ජීවිතයට යම් හානියක් වුවහොත් ඊට ජනපති හා සාගල රත්නායක ඇතුළු පිරිස වගකිවයුතු බවත් අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (27) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
“මාව මහමග මරලා දාන්න පුළුවන්… ඒක අදද හෙට ද දන්නේ නෑ..ජනාධිපතිවරයාගේ සිට සාගල රත්නායක දක්වා ඒකට වග කියන්න වෙයි”