32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමහනුවර නගර සභාවේ මුදල් දුවගේ මගුලට වියදම් කරලා

මහනුවර නගර සභාවේ මුදල් දුවගේ මගුලට වියදම් කරලා

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 ක මුදලක් නගර සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කිරීමට රැගෙන ගිය බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාරිනිය මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම මූල්‍ය වංචාවට අදාළ ව නගර සභාවේ ගණකාධිකාරිවරයා ඇතුළු පිරිසක් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ නමුත් සිද්ධියෙන් මාසයකටත් වැඩි කාලයක් ගතවන තෙක්ම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වූ බව ද වාර්තා වනවා.

මේ වනවිට වැඩ තහනමට ලක් ව සිටින නිලධාරිනිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අත්පත්තු මහත්මියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පවත්වනවා.

සැකපිට අත්අඩංගුවට ගත් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.