28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

මහවැලි ගඟෙහි පාවෙමින් තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම මළ සිරුර අද (27) පෙරවරුවේදී සොයාගත් බවයි වාර්තා වන්නේ.

නාවලපිටිය – ගොන්දෙන්නාව ප්‍රදේශයේ මහවැලි ගගේ කළු ඇල්ල වළේ තිබියදීයි මෙම නාඳුනන මළසිරුර ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන, ඒ බව නාවලපිටිය පොලිසිය වෙත දැනුම්දී ඇත්තේ.

මහවැලි ගඟේ තිබි ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නාවලපිටිය පොලිසිය ප්‍රකාශ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.