විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවකයින් 5000ක් ඉවත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වියදම් කළමනාකරණය කිරීම සඳහා මෙම තීරණය ගනු ලැබූ බවත් ඉදිරියේදී අත්‍යවශ්‍ය පිරිස පමණක් සේවයෙහි යෙදවීමට පියවර ගන්නා බවත්ය.
විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා ලබන වසරේදී ලබාදීමට ගිවිසුම්ගතව තිබූ 25%ක වැටුප් වර්ධකය සහ දීමනා ලබාදීම ද අහෝසි කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.