27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙලම්බොඩ ළමා නිවාසයක දරුවෙක් ගෙළ වැළලාගෙන

වෙලම්බොඩ ළමා නිවාසයක දරුවෙක් ගෙළ වැළලාගෙන

මධ්‍යම පළාත් සභාව මඟින් පාලනය වන වෙලම්බොඩ, වේරවල වත්ත ළමා නිවාසයේ සිටි පිරිමි දරුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 15 හැවිරිදි පිරිමි දරුවක් බවයි වෙලම්බොඩ පොලිසිය සඳහන් කළේ. අදාළ දරුවා හැටන් අධිකරණය මඟින් මීට දින 17කට පෙර මෙම ළමා නිවාසයට යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය 25 වැනිදා පස්වරු හතරත් පහත් අතර කාලය තුළ ඇඳ ඇතිරිල්ලක් ආධාරයෙන් එල්ලී මෙම දරුවා මියගොස් සිටියදී හමු වූ බවයි එහි පාලනාධිකාරිය පොලිසිය පවසා ඇත්තේ.

ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය සිද්ධිය වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මහනුවර අධිකරණය වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) දිනයේ සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර මෙලෙස සියදිවි හානිකර ගත් දරුවාගේ කොට්ටය යට තිබී ලිපියක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මේ ලියුම මම ලියන්නේ මගේ ගෙදර කට්ටියට, මම හදිසියේ හරි මැරුණොත් දුක් වෙන්න එපා. මගේ ආදරණීය සින්දුටත් කියන්න දුක් වෙන්න එපා කියලා.” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

වෙලම්බොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.